2019 වසරේ දිනකට දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වෙලා

ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරයි.

Sri-Lanka-Railway

සාමාන්‍යයෙන් දිනකට දුම්රිය ගමන් වාර 370 ක් ක්‍රියාත්මක කළයුතු වුවත් 2019 වසරේදී දිනකට ක්‍රියාත්මක කර තිබෙන්නේ දුම්රිය ගමන්වාර 348 ක් පමණක් යැයිද ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ පාර්ලිමේන්තුව හමුවේ අද (24) හෙළි කළේය.

ප්‍රවාහන ඇමැතිවරයා මේ බව කීවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2019 වසරේදී මිලියන 128 කට අධික මගී සංඛ්‍යාවක් දුම්රියෙන් ගමන්කර ඇතැයි ද ප්‍රවාහන ඇමැතිවරයා කීවේය.
රුපියල් මිලියන 6386.96 ක් එම වසරේ දි දුම්රිය දෙපාර්තමේන්තුව ඉපයු බවද ඒ් වසරේ දි   ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට දුම්රිය දෙපාර්තමේන්තුව  රුපියල් මිලියන 131.62 ක් වැය කර ඇති බවද  ඔහු හෙළි කළේය.


Exit mobile version