20 වැනි සංශෝධනයට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලංකාසරට පැවසීය.

විසිවැනි සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා අයිතිවාසිකම් පාගා දමා ජනාධිපතිවාදයකට පාර කපා තිබෙන බවත් ඒ තත්ත්වය මත මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් සම්මත වුවහොත් රට මහා විනාශයකට තල්ලුවන බව අත්තනායක මහතා පෙන්වා දෙයි.

මෙම සංශෝධනය හරහා රටට සිදුවන හානිය වළක්වා ගැනීමට නම් එය කෙසේ හෝ පරාජය කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වෙත යොමුවන බවත් ඒ මහතා සඳහන් කළේය.


20 වැනි සංශෝධනයට එරෙහිව පළමුව අධිකරණ ක්‍රියාමාර්ග යොමුවීමටත් දෙවනුව ඊට එරෙහි සියලු බලවේග එකට ඒකරාශී කිරීමටත් තෙවනුව මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග වෙත යොමුවීමටත් සමගි ජනබලවේගය සැලසුම්කර තිබෙන බව තිස්ස අත්තනායක මහතා අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පතට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කර ඒවා සැලසුම් කිරීම සඳහා ලබන සතියේ ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා ක්‍රියාකාරීන් රැස්වී සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version