20 මගහරින්න මෛත්‍රී දැමු වංගුවට ආණ්ඩුවේ අප්‍රසාදය..

හිටපු ජනාධිපිත මෛත්‍රිපාල සිරිසේන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට චන්දය පාවිච්චි කිරීම සඳහා නොපැමිණීම සම්බන්ධව අද (22) ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද දැඩි  කතා බහක් ඇති විය.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයට යා යතු බව පවසමින් ඔහු පාරලෙිමේන්තුවට පැමිණීම හිතා මතාම මගහැරිය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මැති ඇමතිවරු රැසක් ප්‍රකාශ කළහ.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රි.ල.නි.ප මන්ත්‍රිවරුන්ගෙන් ද ඉල්ලා ඇත්තේ 20වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී තම හෘදය සාක්ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කරන ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු කොමිසමට සහභාගී වීමෙන් අනතුරුව 20වැනි සංශෝධනයට චන්දය විමසන අවස්ථාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව තිබුණත් ඔහු උවමනාවෙන් එය මගහැරිය බව පැහැදිලියයි ඉහත ඇමතිරු වැඩි දුරටත් පැවසූහ.

Exit mobile version