20ට එරෙහි පෙත්සම් 37ක කරුණු දැක්වීම අවසන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් 37ක කරුණු දැක්වීම අද (2) දහවල් අවසන් කර තිබේ.

විසි වෙනි සංශෝධනයට එරෙහිව පෙත්සම් තිස් නවයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව තිබූ අතර ඉන් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් ව ඇති පෙත්සම් විභාග කිරීම අද දහවල් සිට ආරම්භ කෙරිණි.

Exit mobile version