20ට අත ඉස්සූ තුන් දෙනෙකුට ආණ්ඩුවෙන් ඇමතිකම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය පිළිබඳ පසුගිය දා පැවති විවාදය අවසානයේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ විපක්ෂ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබාදීමේ සූදානමක් පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ අරවින්ද කුමාර් සහ තවත් මුස්ලිම් මන්ත්‍රීවරයකුට මේ අනුව එම තනතුරු හිමි වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.

මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ඩයනා ගමගේ සහ අරවින්ද් කුමාර් යන මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ආසන පනවන ලෙස ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුව බලධාරින්ට කළ දැනුම් දීම අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට ආසන පැනවීමට කටයුතු යෙදූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඡන්ද විමසීමේ දී විපක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනෙක් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දී තිබුණි.

Exit mobile version