15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමතිත් කොටුවෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


15 හැවිරිදි දැරියක අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සහ දූෂණය කිරීම සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු ලෙස මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අෂ්මලී ද අත්අඩංගුවට ගෙන අද දින රකෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔහු පසුගිය කාලය තුළ මෙරට රැඳී සිට ඇති අතර ඔහුද මේ දැරිය දූෂණ සිද්ධියට සම්බන්ධ වූ බවට තොරතුරු සැලවීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන අද දින (05) අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

හිටපු මුදල් සහ භාණ්ඩාගාර රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මාලදිවයිනේ ප්‍රධාන පෙළේ සන්නිවේදන සමාගමක්වන දීරාගු සමාගමේ සභාපතිවරයා ලෙසින්ද අෂ්මලි කටයුතු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 32 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර චිවරධාරියකු සහ මිහින්තලේ ප්‍රාද්ශීය සභාවේ උප සභාපතිවරයාද වන අතර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු සහ නැවක කපිතාන්වරයකුද සිටින බව පොලිසිය පවසයි.

අද මෙම සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර ඔවුන් ලබන ජූලි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කෙරිණි.

මේ බාල වයස්කාර දැරිය ලිංගික සේවා සඳහා විකිණීමට වෙබ් අඩවි දෙකක් භාවිතා කළ බව පොලිසිය පවසන අතර මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් තවම අත්අඩංගුවට ගෙන නොමැත.

මාලදිවයිනේ හිටපු අමාත්‍ය අෂ්මාලි සඳුදා කොළඹ උසාවියේ පෙනී සිටි අතර ඔහුගේ නීතිඥයා අධිකරණය හමුවේ පවසා සිටියේ අෂ්මලී අදහස් කළේ අන්තර්ජාල වෙළඳ දැන්වීමක් දැකීමෙන් පසු තමන්ගේ ශරීරය තෙල් සම්බාහනයක් කරගැනීම සඳහා එම තැනැත්තියව වෙන්කරවා ගැනීම පමණක් බවත්, කිසිදු බාල වයස්කාර දැරියක් ගැන දැන නොසිටි බවත් ය.

Exit mobile version