15 හැවිරිදි දරුවෙකුට පොලිස් වෙඩි ප්‍රහාරයක්… දරුවාට අසාධ්‍යයයි… තිහගොඩ උණුසුම්වෙයි…

මාතර තිහගොඩ දී පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි දරුවෙක් බරපතල ලෙස තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. හිසට වෙඩි වැදුන දරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. 

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් ත්‍රී රොද රථයකින් මාතර තිහගොඩ පොලිසියේ   කණ්ඩායමක් පැමිණෙමින් සිට ඇත.

එසේ පැමිණෙන    පොලිස් කණ්ඩායමකට පාසල් සිසුවෙක් විසින් පැදවූ ත්‍රී රෝද රථයක් වෙට්ටු දමමින් ගමන් කර තිබේ.


ත්‍රී රෝද රථය හඹා ගිය පොලිස් කණ්ඩායමේ එක් පොලිස් භටයෙකුගේ    රාජකාරි ගිනි අවිය වැරදීමකින් පත්තු වූ බව පොලිසිය පවසා ඇත.

වැරදීමකින් පත්තු වූ බව කියන රාජකාරි ගිනි අවියේ උණ්ඩයක් මාරානතික තුවාල සිදුකරමින් වැදී ඇත්තේ 15 හැවිරිදි දරුවෙකුටය. සිසුවාගේ හිසට වෙඩි වැදී තිබේ. ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇත.

අද දෙරණ වාර්තා කරන්නේ  අකඹුරුපිටිය පොලීසියේ ජීප් රථයකට පහරදීමක් ද සිදුවී ඇති බවය.

සිද්ධියට මුහුණ දුන් සිසුවෙකු පවසා ඇත්තේ ත්‍රිරෝද රථය නතර කිරීමට පොලීසිය අණ නොකළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ    ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පැවැත්වේ.

Exit mobile version