15 වියැති දැරියගේ සිද්ධියට විශ්‍රාමික බැංකු මැනේජර්වරයෙක් හා පොලිස් නිලධාරියෙකුත් අත්අඩංගුවට

පහලොස් හැවිරිදි දැරියක අන්තර්ජාලයෙන් මිලදීගෙන ලිංගිය සේවයට ලබාගනිමින් දූෂණය කිරීම සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂවරයෙක් සහ විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අද මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව ය.

පොලිිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මෙම සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත්කරන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 35 දෙනකුට අධීක සංඛ්‍යාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version