14 හැවිරිදි අක්කා ගැබිණියක් කළ 12 හැවිරිදි මල්ලී පොලිස් අත්අඩංගුවට… දරුවන් වැනසෙන්නට හළ අප මොන වැඩිහිටයන් ද?

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව ඕමන්ත නවාවී ප්‍රදේශයේ වයස අවුරුදු දාහතරක තම සහෝදරිය ගැබිණියක් බවට පත් කළ ඇයගේ දොළොස් හැවිරිදි සහෝදරයා ඕමන්ත පොලීසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබේ.
දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයක් හේතුවෙන් ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට ඇය ගැබිණියක් බව හෙළි වී තිබේ.

වෛද්‍යවරු මේ පිළිබදව රෝහල් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ තම මල්ලී විසින් ඇයව අවස්ථා කීපයකදීම දූෂණය කළ බවයි.

ඕමන්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද එම සහෝදරයාව අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති අතර සහෝදරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා තව දුරටත් වවුනියාව මහ රෝහලේ රදවා ගෙන සිටියි.

Exit mobile version