සිගරට් එකක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකට පළිය ගන්න පැමිණි මැර කණ්ඩායමක් පුතා ගෙදර නැති නිසා පියා මරලා ගිහින්!

Death

සූරියවැව නුවන් ජයසේකර

සංගීත සංදර්ශනයක් අතර තුර සිගරට්ටුවක් මුල් කරගෙන තරුණයෙක් සමග ආරවුලක් ඇති කරගත් මැරයෙක් ඔහුගේ සහායක කණ්ඩායමක් සමග කුඩාවැල්ලේ පිහිටි එම තරුණයාගේ නිවසට පැමිණ කඩුවකින් කපා කොට ඔහුගේ 61 හැවිරිදි පියා ඝාතනය කර මවට බරපතල තුවාල සිද්ධ කර තිබේ.

ඝාතනය කර ඇත්තේ   කුඩාවැල්ල පදිංචි 61 හැවිරිදි මරක්කල මානගේ සරත් රෝහණ නැමැත්තෙකි. ඔහුගේ බිරිය බරපතල තත්ත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

තංගල්ල පොලිසියේ මම අපරාධ විමර්ශන අංශවලට ලද තොරතුරු අනුව  ඊයේ (23) සිදුවූ  මෙම අපරාදධය පිළිබඳ  සිද්ධිය වාර්තා වන්නේ මෙසේය. 

ඊයේ (23) රාත්‍රි කුඩාවැල්ල ප්‍රදේශයේ පැවති සංගිත සංදර්ශනයක් අතරතුර  තරුණයින් දෙනෙක් අතර   දුම්වැටියක් සම්බන්ධයෙන් බහින් බස්විමක් සිදුව තිබේ. එතැන සිටි පිරිස් එම අවස්ථාවේ ආරවුල විසදා ඇති අතර පසුව ඉන් එක් තරුණයෙක්  සංගීත සංදර්ශනය පැවති ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.


කෙසේ නමුත් මෙම තරුණයා සමග  සමග ආරවුල් ඇතිකරගත් බව කියන වික්ටර් සුද්දා නැමති පුද්ගලයා ඔහුව සොයා ඔහුගේ නිවසට ගොස් තිබේ.

එම අවස්ථාව වනවිටත්  ඔහු නිවසට පැමිණ නැත.  ගිය වික්ටර් සුද්දා නැමති අය විසින් පුත්‍රයාගෙන් පළි ගැනීම සදහා 61 හැවිරිදි පියාට හා ඔහුගේ මවට කඩුවකින් පහර දී පළාගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න ;ගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන පොලිසිය වැඩි දුර විමර්ශන  පවත්වයි.

Exit mobile version