මුලතිව් එල්.ටී.ටී.ඊ සමූහ මිනීවළ සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණ…

දිනසේන රතුගමගේ –

මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයෙන් හමු වී ඇති  සමූහ මිනීවළ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර මට්ටමේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් හා ස්වේච්ඡා  සංවිධාන නියෝජිතයන් කීප දෙනෙකු ඊයේ (09) එම සමූහ මිනීවලට ආසනයේ විරෝධතාවයක්  පවත්වා ඇත.

මේ විරෝධතාවයට යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ඥාතී සංගම්වල නියෝජිතයෝද සහභාගී වී සිටියහ.

දැනට මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැනීම් කටයුතු කරගෙන යද්දී හමුවන ද්‍රව්‍ය හා සාධක අනුව එම සමූහ මිනීවළ කොටි සාමාජිකයින් විසින්  ඔවුන්ගේ සාමාජිකයින් මිහිදන් කිරීම පිණිස යොදාගත් ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් මේ මතය බැහර කරණ හා එය පිළිගැනීමට දැඩි අකැමැත්තක් දක්වන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ මේ සමූහ මිනී වලේ ඇත්තේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන මරා දමන ලද පුද්ගලයින් බව සනාථ කිරීමට උත්සාහ කරති.


Exit mobile version