12 හැවිරිදි  දැරියක් සමාජ මාධ්‍යයෙන් හඳුනාගත්  පෙම්වතා සොයාගෙන මුලතිව් සිට හැටන් ගිහින්

මුලතිව් මුංකිලාරු ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් දැරියක්    සමාජ මාධ්‍ය හරහා හඳුනාගෙන  ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නගාගත්   තරුණ පෙම්වතා සොයා  නිවසින් පලා විත්  හැටන් නගරයතෙක් දිගු ගමනක්  පැමිණි ආකාරය  මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මුදල් සහ ජංගම දුරකථනයක් සොරකම් කර ඇති දැරිය  තමන් නිවසින් පිටව යන බවත් තමන් පිළිබඳව සොයා නොබලන ලෙසත්  සටහනක් තබා ගොස් ඇතැයි       දැරියගේ පියා පොලිසියට පවසා තිබිණි.

දැරියගේ පියා අද (07) පොලිසියට ප්‍රකාශ කළේ තමන් ඇයව දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අතර ඇය හැටන් නගරයේ සිටින බව දැනගත් බවයි.

පොලීසිය පැවසුවේ, ඇය සමාජ මාධ්‍ය  හරහා දැන හැඳිනගත් තරුණයෙකු හමුවීමට හැටන් ප්‍රදේශයට ගොස් ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුදුකුඩිඉරිප්පු පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ දැරිය සොයා ඇයගේ පියා සහ ඥාතීන් පිටත්ව යන බවත්, පරීක්‍ෂණ පවත්වමින් පොලිසිය ඔවුන්ට උපදෙස් ලබා දෙන බවත්ය.

Exit mobile version