119 ඇමතුමට විමර්ශනයට ගිය පොලිස් නිලධාරියෙකුට බරපතල ලෙස පහර දෙයි…

පහර දුන් පුද්ගලයන්  පලා ගිහින්...

දිනසේන රතුගමගේ –

අංක 119ට ලබා දුන් හදිසි ඇමතුමකට අනුව අද (21) දහවල්  යාපනය තිරුනගර් ප්‍රදේශයේ පවුල් ආරවුලක් විසඳන්නට ගිය පොලිස් නිලධාරියෙකුට බරපතල ලෙස පහර දී  පහර දී පලා ගිය පුද්ගලයින්  දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පොලිස් නිලධාරියාට පහරදුන් මේ පුද්ගලයන් දෙදෙනා සහෝදරයන් බව පැවසේ.

යාපනය තිරුනර් ප්‍රදේශයේදී පවුල් දෙකක් අතර ආරවුලක් ඇති වූ අවස්ථාවේදී ඒ පිළිබඳව අසල අයෙකු 119 දුරකතන අංකයට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරියා මෙම සිද්ධිය  විමර්ශනය කිරීමට එම ස්ථානයට ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී ආරවුල ඇති කරගත් පවුලේ සහෝදරයින් දෙදෙනෙකු පොලිස් නිලධාරියාට පහර දී පලා ගොස් තිබේ. තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය  ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර යාපනය පොලීසිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version