විදුලි සංදේශ කුලුනුවලින් ජය ශ්‍රී මහා බෝධියට හානි වනවාදැයි බලන්න ජනපති නියමයෙන් කමිටුවක්!

ශ්‍රී මහා බෝධියට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  විශේෂ කමිටුවක් පත් කර තිබේ.

විදුලි සංදේශ කොමිසමේ සභාපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශ නියාමන කොමිසමේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එච්. රණතුංග   සහ අනුරාධපුර දිසාපති – ජනක ජයසුන්දරගෙන් සමන්විත මෙම කමිටුව පත් කර ඇත්තේ දැනට   විදුලි සංදේශ කුළුණුවලින් ජය ශ්‍රී මහා බෝධියට හානි සිදුවන්නේ යැයි පලවන වාර්තා සම්බන්ධව විමර්ශනය කරන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින්   කරන ලද ඉල්ලීමකට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහා විහාර විශ්‍රාම ශාලාවට අසල    ජය ශ්‍රී මහා බෝධියට නුදුරින් පිහිටුවා ඇති 5G සන්නිවේදන කුලුනක් හේතුවෙන් බෝධීන්වහන්සේගේ පත්‍ර කළු පැහැ  ගැන්වී අතු සිඳී විනාශ වෙමින් ඇති බවත්, එම ප්‍රදේශයේ ඇති බෝධි වෘක්ෂවලත් පත්‍ර කළු පැහැ ගැන්වී හැලී යමින් ඇති බවත් දක්වමින්  පරිගණක ඉංජිනේරුවරයෙක් කළ වීඩියෝවක් හේතුවෙන් මේ සංවාදය නිර්මාණය වී තිබිණි.

Exit mobile version