පොලිසිය සඟවන , සඳගල උස්සපු හොරු සංස්කෘතික අමාත්‍යාංශය දැනගෙන… හොර නඩය මෙන්න…

සඳගල ගෙනියන හොරු... ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය...

පසුගිය 14 වැනිදා කුණ්ඩසාලයේ උඩ මළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල“ ඓතිහාසික පුරා ස්මාරකය ගලවාගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුවන් තිදෙනාම හඳුනාගෙන තිබෙද්දී පොලිසිය විසින් ඇති තතු සඟවා සැකකරුවන් ආරක්ෂා කරමින් සිටින්නේ කුමක් නිසා දැයි සංස්කෘතික අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් විමසා ඇතැයි වාර්තා වේ.

ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන පුරා  වසර 32 ක්   රජකළ සිංහලයේ අවසන් රජු වූ    ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි බවට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා රක්ෂිත භූමියේ මෙම දුර්ලභ ඓතිහාසික ස්මාරකයක් පිහිටා තිබිණි.

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු…

පසුගිය (14) දා අළුයම මෙම පුරාස්මාරකය ගලවාගෙන සේ ඇත්තේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවන් තිදෙනෙකුගේ මැදිහත්වීමෙන් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මෙම අපරාධය සඳහා ඩිෆෙන්ඩර් රථයක රැකවරණය යටතේ බූම් ට්‍රක් රථයක් පැමිණෙන ආකාරය සීසීටීවී දර්ශන තුනක සටහන් වී ඇති අතර එම ඩිෆෙන්ඩර් රථය හිමිකරු මේ වනවිට හඳුනාගෙන තිබේ.


ප්‍රදේශයේ ඉහළම දේශපාලන බලවතාගේ රැකවරණය යටතේ සිටින මෙම තැනැත්තා පුරාවස්තු කොල්ලය සඳහා පැමිණෙන ඩිෆෙන්ඩර් රථය ලියාපදිංචි කර ඇත්තේ ඔහුගේ දියණියගේ නමට බව වාර්තා වේ.

එමෙන්ම මේ අපරාධය පසුපස සිටින අනෙක් පුද්ගලයා කලක් පලතුරු ව්‍යාපාරයක යෙදී සිටි අයෙක් බව බුද්ධි තොරතුරු අනාවරණය කර ඇත. තුන්වැන්නා මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුව සම්බන්ධකම් ඇති මහනුවර අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින, මේ වනවිට ඉහත කී දේශපාලන බලවතාගේ ආධාරකරුවෙක් ලෙස පෙනී සිටින අයෙක් බවද බුද්ධි තොරතුරුවලින් හෙළි වී තිබේ.

දෙමටගොඩ චමින්ද නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරු පල්ලෙකැලේ රක්ෂිත බන්ධනාගාරයේ සිටි අවධියේ ඔහුව එළියේ සිට රැකබලාගැනීම භාරගෙන තිබී ඇත්තේ මේ තුන්වැනියට කී සැකකාර පුද්ගලයාය.

කෙසේ වෙතත් විමර්ශනය භාර   ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පත්කරගැනීමට දේශපාලන හයිය ලැබී ඇත්තේ මෙම පුද්ගලයින් තිදෙනාගෙන් බව අනාවරණය වී ඇත.

එමෙන්ම  විමර්ශන භාරව කටයුතු කරන විශේෂ ඒකකයක පොලිස් සථානාධිපතිවරයෙක් පත්කිරීමේ දේශපාලන ප්‍රෙව්ශය ලබා දී ඇත්තේ මෙම පුද්ගලයින් විසින් යැයි පැවසේ.

මේ තත්ත්වය තුළ විමර්ශන භාර පොලිස් නිලධාරීන් ඉහළටත් බොරු කරමින් විමර්ශනය යට ගසන බව මේ වනවිට හෙළි වී ඇත.

සංස්කෘතික අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධව පොලිස්පතිවරයා ඍජුව විමසා ඇත්තේ මේ හේතුවෙන් බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ විමර්ශනයට සම්බන්ධ වි සැකකරුවන් වසන් කරමින් සිටින යම් පොලිස් නිලධාරියෙක් වේ නම් ඔවුන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පතිවරයා සූදානම් බව ද දැනගන්නට ඇත.

Exit mobile version