ෆොන්සේකාට එල්ටීටීඊ ය ගැන ආඩම්බර හිතුන හැටි!

රටක් කුඩා වූ පමණින් එහි හමුදා ශක්තිය අවතක්සේරු නොකළ යුතු බවත් එදා හැත්තෑපන් දහසක ඉන්දියානු හමුදාවන්ට එරෙහිව නිර්භීතව සටන් කර ඉන්දීය හමුදාවන්ට ජයග්‍රහණය අත් කර නුදුන් එල්ටීටීඊ සාමාජිකයන් දෙදහස් පන්සියය ගැන හිතන විට ශ්‍රී ලාංකිකයෙක් ලෙස ආඩම්බර හිතෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ ආරක්ෂාව යනු මිල අධික යෙදක් බවත් රටක් පුංචි වීම හෝ අභ්‍යන්තර යුද අරගල නොමැති වීම හමුදාව ශක්තිමත් නොකර සිටීමට හේතුවක් නොවන බවත්ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා   මෙසේ ද පැවසීය.


ජෝන් ෆොලොයිඩ් කියන්නෙ මැරයෙක්. ඔහුව ඝාතනය වුණු වෙලාවෙ  රට තුළ විශාල විරෝධයක් කෝලාහලයක් ඇති වුණා. ඒ වෙලාවේ ඇමරිකානු යුධ හමුදාපතිවරයා කළ ප්‍රකාශය ඉතාම වැදගත්.

අපේ හමුදාපති තුමා මේ කතාව අහන් ඉන්නවා. එතුමාටත් මේ කතාව වටිනවා. ඒ වෙලාවෙ ඇමරිකාවෙ යුදහමුදාපතිවරයා කීවේ හමුදාව ඉන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා.

මේකෙන් අපේ පාලකයො පාඩම් ඉගෙන ගන්න ඕන.

හමුදාවට යුද්ධයක් තිබුණත් නැතත් ශක්තිමත්ව තිබිය යුතුයි. අභ්‍යන්තර තර්ජන  ඇතිවුනත් නොවුනත්  විදේශ තර්ජනවලට මුහුණ දීම සඳහා රටක් ලෙස සූදානම් වී තිබිය යුතුයි.  රටක් කුඩා වීම හමුදාව කුඩාවීම විදේශයන්ට යටවීමට හෝ බිය වීමට කාරණාවක් නොවෙයි.

උදාහරණයක් කියන්නම්. ඉන්දියානු හමුදා එනකොට උතුරෙ එල්ටීටීඊය සාමාජිකයන් හිටියෙ 2500යි. ඉන්දීය හමුදාවේ 75000ක් බැස්සේ එල්ටීටීඊය පරද්දන දින වකවානු ගණන් හදලා. නමුත්  ඔවුන් ඉතාම නිර්භීතව සටන් කළා. ඉන්දීය හමුදාවෙ 75000ට බැරිවුණා එල්ටීටීඊ 2500 පරද්දන්න. ඔවුන් ශ්‍රී ලාංකිකයන්. මටත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඒ ගැන සතුටුයි.

ආක්ෂාව දුර්වල වෙනකොට රටවල් එනවා අපේ ඔළුවට අත හෝදන්න. හමුදා ශක්තිමත් නම් සතුරන් හැදෙන්නෙ නෑ.  ගිනිකොන දිග ආසියාවෙ ලොකුම බජට් එක. කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල හැරුණට පස්සේ ඉතිරි කොටස තරම් පොඩි සිංගප්පූරුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් අග්නිදිග ආසියාවෙ ලොකුම පිරිවැය දරන රට.

ආරක්ෂාව ලාබෙට ලැබෙන්නෙ නෑ. මා එක් වකවානුවක හමුදාවේ දෙවැනියා විදිහට රුසියාවට ගියා ආයුද බලන්න. මා හැම වෙලේම උත්සාහ කළේ හමුදාවට  මොනවා හරි නිකම් ගන්නක පලුවන්ද කියලා බලන්න. ඔවුන් මට එක් උපදේශයක් දුන්නා. ඒ මෙන්න මේක.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ ලෝකෙ නිකම් හම්බවෙන්නෙ මීයන්ගෙ උගුල තියන චීස් කෑල්ල විතරයි“

Exit mobile version