ෆොක්ස් හිල් අනතුරට වගකිව යුත්තේ   තරග සංවිධාකයින්… ඔවුන්ට අපරාධමය චෝදනා ගොනු කරන්න… නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!

දියතලාව ෆොක්ස්හිල් ධාවන තරගය අතර  දී හත් දෙනෙකුට මරු කැඳවමින් 21 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ අනතුරේ සම්පූර්ණ වරද තරග සංවිධායකවරුන්ගේ බවත්, ඔවුන්ට අපරාධ චෝදනා ගොනු නොකර ධාවන තරගයේ යෙදුන ධාවකයින්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කිරීමට උත්සාහ කිරීම ක්‍රිකට් තරගයක හයේ පහරක් ගැසූ විට පන්දුව වැදී ප්‍රේක්ෂකයෙකුට සිදුවන අනතුරක් වෙනුවෙන් පිතිකරු අත් අඩංගුවට ගැනීමක් වැනි සිද්ධියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී ෆොක්ස් හිල් ධාවන තරගය සංවිධානය කළ සංවිධායකයින්ගේ නොසැලකිලිමත් තරග සංවිධානය මේ ඛේදවාචතකයට හේතු වූ බවට කරුණු ඉදිරිපත් කරමිනි.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ දියතලාව ෆොක්ස්හිල් තරගයේ දි සිද්ධ වුන මරණීය ඛේදවාචකය එම තරගය සංවිධානය කළ සංවිධාකයින්ගේ නොසැලකිල්මත්කම නිසා සිදුවන බව අප පැහැදිලිව දැක්කා. ඒ අනතුර සිද්ධ වුනේ  තරග සංවිධායකයන්ගේ නොසැලිකිලිමත් කම නිසාම තමයි. අපි හොයලා බැලුවම හෙළි වුනා ට්‍රැක් එකේ ඉඳන් අඩි 50ක් එහා පැත්තෙන් හමුදාව ඉඳලා එතනින්න පිටිපස්සෙ තමයි නරඹන්නො ඉන්න ඕන.  ඒ වගේම තරගයෙන් තරගයට ට්‍රැක් එකට  වතුර දාන්න ඕන දූවිලි තියනවා නම්.”


“ඒ වගේම සුලු බෙන්ඩ් එකක් හරි වැලිකොට්ට දාලා ආරක්ෂක විධි විධාන හදලා තියෙන්න ඕන. ඉතින් මේ  මොනවත් තිබිලා නෑ.”

“තරග සංවිධායකවරු අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදිහට නම් කරන්න ඕන. අන්තිමට අත් අඩංගුවට ගත්තේ රේස් පැදපු අය. මේක හරියට ක්‍රිකට් මැච් එකක හයේ පාරක් ගහලා බෝලේ ඔලුව වැදිලා තුවාල වුනොත් හරි අනතුරක් වුනොත් හරි බැට්මන් අත් අඩංගුවට ගන්නවා වගේ වැඩක් . ඒක තමයි වෙලා තියෙන්නේ.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ නිසා අපේ පාර්ලිමේන්තුවටත් වගකීමක් තියනවා මේ වගේ නොසැලකිලිමත් තරග සංවිධායකවරුන්ට දඬුවමක් දෙන්න. එහෙම දඬුවමක් නොදුන්නොත් ආයෙ මේ වගේ සිද්ධි වෙන්න පුලුවන්. හත් දෙකෙන් මැරිලා  විසි ගනනක් තුවාල ලැබුවා. ඒ නිසා මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු කරලා තරග සංවිධාකයින්ට දඬුවම් දීම සඳහා කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.  “

 

Exit mobile version