ෆේස්බුක් එකෙන් කතුන්ගෙන් ‍සල්ලි ගැරූ විදේශිකයා අත්අඩංගුවට

FB arrested

මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමඟ ෆේස්බුක් ඔස්සේ මිතුරු වී ඇයට විදේශීය රටක සිට වටිනා ඩොලර් පාර්සලයක් ලැබී තිබෙන බව පවසා ‍රුපියල් 129000ක වංචා කරන ලද වයස අවුරුදු 23 ක ලෙසතෝ ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ මෙම සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇති බවට අනාවරණය වී ඇත.

නොදන්නා පුද්ගලයන් සමඟ සමාජ ජාල මගින් ගනුදෙනු කිරීමේ දී විවිධ ආකර්ෂණීය යෝජනා ලැබිය හැකි බවත් ඒ පිළිබඳ බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් රැවටිලිකරුවන්ට හසු නොවන ලෙසත් පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා සිටී.

මෙවැනි පුද්ගලයන් පිළිබඳව කිසිවෙකු සතුව තොරතුරු ඇත්නම් වහාම 119 හදිසි ඇමතුම් අංකයට හෝ ළඟම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවද පොලිස් මූලස්ථානය දන්වා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙවැනි පුද්ගලයන්ට ආධාර අනුබල දෙන පුද්ගලයකු ගැන හෝ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද පොලිසියට දන්වන ලෙස ද පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Exit mobile version