සෞඛ්‍ය සේවකයන්ගේ දරුවන්ටත් ෆයිසර් ප්‍රමුඛතාවක් ඉල්ලයි

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ජාතික රෝහල ඇතුළු මෙරට රොහල්වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොවිඩ් රෝගයට ගොදුරු වීමේ තත්ත්වය මත ඔවුන්ගේ දරුවන්ට ද එයින් දැඩි අවදානමක් මතුව ඇති බවත් මේ වනවිට මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් ලබා දීමේදී ඔවුන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකය වෙත සෞඛ්‍ය අංශවලින් ඉල්ලීම් ලැබී ඇති බව ලංකාසර ට අනාවරණය වෙයි.

මෙරට ප්‍රධාන පෙළේ සෑම රෝහලකම වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ රියදුරන් උපස්ථායකයන් ඇතුළු සෑම තරාතිරමකම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති අතර ඔවුන් හරහා ඔවුන්ගේ දරුවන්ට ආසාදනය වීම ද රෝහල්වල ක්‍රියාකාරීත්වයට බාධා ගෙන දීමට හේතුවක් වී ඇත. ඒ හේතුවෙන් ඔවුන්ගේ දරුවන් වෙත ෆයිසර් එන්නත් ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ඉල්ලිමක් මේ අනුව සිදු කර තිබේ. මෙම එන්නත් කොවිඩ් කාර්ය සාධක බලකාය හරහා විවිධ පාර්ශ්ව වෙත යන බවත් එහිදී එන්නත ට ප්‍රමුඛත්වය ලැබිය යුතු පුද්ගලයින්ට සේම වෙනත් බාහිර පුද්ගලයන් වෙතටද එන්නත ලැබීම හේතුවෙන් යම් අසමතුලිත බවක් නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ෆයිසර් එන්නත වයස දරුවන්ට ලබා දීමට සුදුසු බව ප්‍රකාශ විම නිසා බොහෝ පුද්ගලයන් තම දරුවන්ට මෙම එන්නත ලබා දීමට උනන්දු වීමය. මේ වනවිට මෙරටට ෆයිසර් එන්නත් 750,000කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කවල ජනතාව එන්නත්කරණයට අමතරව යුධ හමුදාව හරහා ද උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන දරුවන්ට සහ විදේශ ගත වන්නට ලබා දිමට පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද වෛද්‍යවරුන් මෙම එන්නත් සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයෙන් කළ විමසීමේදි එහි බළධාරීන් පවසා ඇත්තේ මෙම එන්නත් බෙදීමේ ක්‍රියාවලිය වසංගත රෝග ඒකකයේ පාලනය යටතේ නොපවතින්නක් බව මේ පිළිබඳව කරුණු අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

Exit mobile version