ෆයිසර් මාත්‍රා ලක්ෂයක් කටුනායකට….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමෙරිකාවේ නිෂ්පාදිත ” ෆයිසර් ” එන්නත් මාත්‍රා ලක්ෂයක් පමණ කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.

මෙම එන්නත් තොගය ලංකාවෙන් මිලදී ගන්නා ලද එන්නත්ය.

කිලෝ ග්රැම් 550 ක් බර ඇසුරුම් තුළ මෙම එන්නත් තොගය අසුරා තිබේ .

කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Exit mobile version