“ ෆයිසර්“ එන්නත ලංකාවට ගෙන්වන සැලසුම් දියත්වේ…

FILE PHOTO: A woman holds a small bottle labeled with a "Coronavirus COVID-19 Vaccine" sticker and a medical syringe in front of displayed Pfizer logo in this illustration taken, October 30, 2020. REUTERS/Dado Ruvic/File Photo

නතාෂා නෙත්මිණි  

කොවිඩ් මර්දන එන්නතක් වන එංගලන්තයේ නිෂ්පාදනය කර ඇති “ෆයිසර්” එන්නත මෙරටට  ගෙන ඒම සඳහා වූ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇතැයි ජාතික ඖෂධ නියාම අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් / ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කරයි.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට  කීපයම පවත්වා ඇත්තේ “ෆයිසර්” එන්නත නිෂ්පාදනය කළ රටේ විශේෂඥවරුන් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටු නියෝජිතයින් යැයි වෛද්‍ය ජයසිංහ  පෙන්වා දේ.

මෙම සාකච්ඡාවල දී එන්නතේ  ආරක්ෂිතබව , ගුණාත්මකබව හා ක්‍රියාකාරිත් යන කරුණු පිලිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් අදාල එන්නත සම්බන්ධයෙන් වූ ලියකියවිලි ජාතික ඖෂධ අධිකාරියේ විශේෂඥ කමිටුව වෙත ඉදරිපත් කරන මෙන්  ඉල්ලීම් කර ඇති බවත් අදාල ලියකියවිලි ලැබුණු පසුව ඒවා මුල සිට විශේෂඥ කමිටුව මගින් පරික්ෂා කර එන්නත මෙරටට ගෙන ඒමට හැකිවන්නේද නැද්ද යන්න පිලිබඳව තීරණයකට එළඹෙන බවත්  වෛද්‍ය කමල් ජයසිංහ  සඳහන් කරයි‍.

 

Exit mobile version