ළමා අපචාර චෝදනා ලද ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරයට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර – සම්පත් –

මොරවක ප්‍රදේශයේ   පාසලක 5 වසරේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනකු  පංති භාර ගුරුවරයා  විසින්  ලිංගික අපයෝජනයට ලක්කළේ යැයි චෝදනා මත  අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 31 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය .
මොරවක කොඩිකාරගොඩ පදිංචි මෙම 51 ගුරුවරයා ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතු  සිදුකරමින් සිටි අවස්ථාවලදී මෙම දැරියන් දෙදෙනා ලිංගික අපයෝජන ලක්කර ඇති බවට පවසමින් එම දැරියන්ගේ දෙමව්පියන් විසින් මොරවක පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
ගුරුවරයාගෙන් නිතුර නිතර සිදුවන ලිංගික හිංසනය හමුවේ දැරියන්  දෙදෙනා දෙමව්පියන් දැනුවත් කර තිබේ.
මෙම අපරාධයට ලක් වූයේ මේ අගෝස්තු මාසයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතය සිටි දැරියන් දෙදෙනෙකි.  මේ සම්බන්ධව මොරවක පොලිසිය සහ අධ්‍යාපන කාර්යාලය මගින් විමර්ශන කටයුතු සිදු කරයි .

Exit mobile version