ළමයි හදනවට සල්ලි ගෙවන අලුත් චීන ප්‍රතිපත්තිය

ලොව වැඩිම ජනතාවකගේ නිවහන වූ චීනය සිය උපත් අනුපාතය ඉහළ දැමීමට අලුතින් උපදින දරුවන් සඳහා මුදල් ආධාර ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව එරට පළාත් කිහිපයක නව දරු උපතක් සඳහා මෙලෙස මුදල් ආධාර ලබාදීම සිදුකරන බව චීන මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබිණි.

මීට දශක කිහිපයකට පෙර එක් දරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ චීනය එරට ශ්‍රම බලකායේ අඩුවීමත් සමඟම මීට මාස කිහිපයකට පෙර එක් යුවලකට දරුවන් තිදෙනෙකු බිහිකිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කරනු ලැබීය.


කෙසේවෙතත් රජය දරුවන් තිදෙනෙකුට අවසර ලබා දුන්නද බොහොමයක් චීන යුවලවල් ඊට අකමැත්ත පළ කළහ.

ඒ අනුව චීනයේ හුආන්ග්සුගෙන් ගම්මානය විසින් සැප්තැම්බර් 1 වැනිදා සිට උපදින දරුවකුට මසකට ඇමරිකානු ඩොලර් 510ක් ගෙවීමට තීරණය කර ඇත.

මෙම මුදල දරුවාට වයස අවුරුදු දෙකහමාරක් වනතුරු මාසිකව ලබාදීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ගැන්සූ පළාතට වයඹින් පිහිටි ලින්සේ ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බිහිකරන යුවලවල් සඳහා ඇමරිකානු ඩොලර් 6200ක් වටිනා ඉඩම් කැබැල්ලක් ලබාදීමට තීරණය කර තිබේ

පැන්සිහුවා හීද දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුට සිටින පවුලකට මාසිකව එක් දරුවෙකුට ඇමරිකානු ඩොලර් 80 බැගින් ගෙවන බවද චීන මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් චීන රජය දරුවන් බිහි කිරීම වැඩිකිරීමට ජනතාව පෙළෙඹවිම කළද ඊට එරට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවී නොමැත.

ඊට හේතු ලෙස චීන ජනතාව පෙන්වා දෙන්නෙ පවතින අධික ජීවන වියදමත් සමඟ නව දරුවන් බිහිකිරීම ප්‍රායෝගික නොවන බවයි.

එසේම නව දරුවන් බිහිකිරීම මගින් කාන්තාවන්ට සිය රැකියා අහිමි කරගැනීමට සිදුවීමට ඇත්තේද විශාල අකමැත්තක් බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් 2020 වර්ෂයේ ජන සංගනන වාර්තා අනුව චීන ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් පත බැස ඇති බවත් වැඩිහිටි  ජනහනය ඉහළ ගොස් ඇති බවට අනාවරණය විය.

Exit mobile version