හෝමාගමිනුත් පාතාල අවි ගබඩාවක් මතුවෙයි

හෝමාගම පිටිපනින් ගිනි අවි තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබාදුන්  තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (02) අලුයම හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් තවත් පාතාලයේ අවි ගබඩාවක් සොයාගෙන තිබේ.

අත්බෝම්බ 04 ක්, පිස්තෝලයක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් 02 ක්, ගල්කටස් අවි 01ක්, රිපීටර් පතොරම් 10 ක්, අත්විලංගුවක්, එයා රයිෆල් අවියක්, එම පතොරම් 600 ක්,  එම අවි ගබඩාවෙන් සොයාගත් දෑ අතර වෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පොලිසිය විසිප් මෙතක් සොයාගන්නා ලද පාතාලය සතු ලොකුම ගිනි අවි තොගය පසුගියදා හෝමාගම පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් සොයාගන්නේ පසුගිය 29 වැනිදාය. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද මෙම වැටලීමේදී  එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සමඟ ගිනි අවි එතැනට ගෙනවිත්  සැගවූ පාතාල  සාමාජිකයකු වන පොට්ට කපිල නැමැත්තා ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතඑ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.


මේ අතර ඊයේ (01) විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද තවත් වැටලීමකදී පිටිපන ගිනි අවි රඳවාගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳ ගේ නිවසින් තවත් ආයුධ රැසක් සහ සංග්‍රාමික උපකරණ රැසක් සොයා ගන්නා ලදි.  ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලදි.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී  හෙළිවූ තොරතුරු මත පෙරේදා (01) රාත්‍රියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී තවත් සැකකරුවකු ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. 38 වියැති ඔහු හබරකඩ ප්‍රෙද්ශයේ පදිංචිකරුවකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. කැන්දලන්දේ අවි ගබඩාව පිළිබද තොරතුරු හෙළිවී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පාතාල සාමාජිකයන්  බන්ධනාගාරගත කර සිටින පාතාලයේ ප්‍රබලයකු වන කොස්ගොඩ තාරක ගේ කල්ලියට සම්බන්ධ අය බවත් එම කල්ලිය සතුව විශාල ලෙස අවි ආයුධ ඇති බවට තොරතුරු මේ වන විට හෙළි වී ඇත.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම අවි ආරක්ෂක අංශයකට සම්බන්ධ අවිදැයි සැකයක් මේ වන විට පැන නැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැන ගැනීමට ගිනි අවිවල සංකේත අංක විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

Exit mobile version