හොර පාරෙන් රට යන්න ගිය අයට කල්පිටියේදී පොල්ලක්

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එලෙස යවන බව පවසා මෙම පිරිස අතරමං කර දමා මුදල් එකතු කරගත් ජාවාරම්කරුවන් පලාගොස් තිබේ.

කල්පිටිය කළපුවට ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් තුල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයින් පිරිසක් රැඳී සිටීම නිසා ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂාවේදී එම ලොරි රථයේ රියදුරු සමඟ පුද්ගලයින් 24ක් රැදී සිටින බව දක්නට ලැබී ඇත.

ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානමින් කල්පිටිය කළපුව ඔස්සේ යාත්‍රාවක් පැමිණෙනතෙක් එලෙස රැදී සිටින ලෙස පවසා මෙම ජාවාරම කළ පුදගලයන් මෙම පිරිස දමා පලාගොස් ඇත.


නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 24 දෙනා අතුරින් පිරිමි පුද්ගලයින් 20ක්, කාන්තාවක් (01) කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් (02) සහ කුඩා පිරිමි ළමයෙකු (01) විය. මෙම පිරිසෙන් පුද්ගලයින් 09 ක් මඩකළපුව ප්‍රදේශයේද, 06 දෙනෙකු යාපනය ප්‍රදේශයේද, 05 දෙනෙකු මුලතිව් ප්‍රදේශයේද, 03 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේද, ලොරි රථයේ රියදුරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද හඳුනා ගන්නා ලදී.

මෙම නීති විරෝධී මිනිස් ජාවාරම මෙහෙයවන ලද පුද්ගලයාද මෙම පිරිස අතර සිටින බවට නාවික හමුදාව සැක කෙරේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිස සහ ඔවුන් පැමිණි ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුහුදු මාර්ග ඔස්සේ සිදු කිරීමට උත්සාහ කරන මෙවැනි නීති විරෝධී සංක්‍රමණික කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව ඉදිරියටත් මෙහෙයුම් සිදු කරනු ලබයි.

Exit mobile version