හොර නේවාසික වීසා සමග කැනඩාවට පනින්න ගිය ව්‍යාපාරිකයා අත්අඩංගවට…

කීර්ති ප්‍රනාන්දු –

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සැකසූ නේවාසික වීසා බලපත්‍රයක් සහිතව කැනඩාව බලා යෑමට සිටි නුවර පදිංචිකාර ව්‍යාපාරිකයෙක් අද ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු   දේශසීමා ආවේශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඔහු දොහා බලා පිටත් වීමට තිබූ කටාර් ගුවන් සේවයට අයත් QR869  ගුවන් යානයෙන් කාටර් ගොස් එතැනින් කැනඩාව වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබී ඇත..

මෙම තැනැත්තාගේ ලේඛණ ගැන සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් කළ විමර්ශනයේ දී මේ ව්‍යාජ ලේඛණ සකස් කිරීම ගැන හෙලි විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා ඔහු තැරැව්කරුවෙකුට මුදල් ලබා දීමට කටයුතු කළ බව ද පැවසීය.  මෙම පුද්ගලයා කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදීමට කටයුතු  කර ඇත.

Exit mobile version