හොරෙන් එතනොල් සහ ස්පිරිතු ඇද්ද සුරාබදු නිලධාරියෙක් පමුණුගම දී අල්ලයි

නීතිවිරෝධී ලෙස එතනොල් සහ මත්පැන් ස්ප්‍රීතූ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නියාමකවරයෙක් පමුණුගමදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව ඊයේ (29) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට අයත් මෝටර් රථයකින් එම මත්පැන් ස්ප්‍රීතු සහ එතනෝල් ප්‍රවාහනය කරමින් සිට ඇත. එතනෝල් තිබී ඇත්තේ මිලි ලීටර් 750 ප්‍රමාණයේ බෝතල් 05 කය. වයිට් මත්පැන් ස්ප්‍රීතුද මිලි ලීටර් 180 ප්‍රමාණයේ බෝතල් 25 ක්ද, විශේෂ මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර් 180 ප්‍රමාණයේ බෝතල් 25 ක්ද මෝටර් රථයේ තිබී සොයාගෙන තිබේ.

හතලිස් දෙහැවිරිදි වියැති මෙම සුරාබදු නියාමකවරයා පමුණුගම නුගපේ පදිංචිකරුවෙකි. දන්කොටුවේ පිහිටි බලපත්‍ර සහිත ස්කාගාරයක සංයුතිය පරීක්ෂා කිරීමේ කටයුත්ත පැවරී ඇත්තේ මෙම නියාමක වරයාට බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. පෙරේදා ඔහු එම ස්කාගාරය පරීක්ෂා කිරීමටද ගොස් තිබෙන බව සදහන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියාමකවරයා මෙම මත්පැන් ස්ප්‍රීතු සහ එතනෝල් රැගෙන ආවේ කොහි සිටද කුමන කරුණක් වෙනුවෙන්දැයි විමර්ශන පැවැත්වෙන බවත් සැකකරු සහ මත්පැන් ස්ප්‍රීතු තොගය පමණුගම පොලිස් ස්ථානයට භාරදුන් බවත් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සදහන් කරයි.

Exit mobile version