හොරට තුවක්කු හදන කම්හලක් STF වටලයි

දිනසේන රතුගමගේ

මන්නාරමේ මඩු ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය හොර තුවක්කු නිපදවීමේ කම්මලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් 27 දා වටලා එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ කම්මලෙන් නිපදවන හොර තුවක්කුවක් රුපියල් 5000 බැගින් අලෙවි කොට ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළග තුවක්කු කොටස් 11 ක් හා වැඩ නිම කරණ ලද හොර තුවක්කුවක් තිබී ඇත.


සැකකරු මඩු පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් ගිනි අවි නිෂ්පාදනයට යොදාගන්නා කොටස් හා ගිනිඅවි

Exit mobile version