හොරගොල්ල වලව්වට හොරු පැනලා වයින් බෝතල් 03ක් අරන් ගිහින්….

කීර්ති ප්‍රනාන්දු –

හොරගොල්ල වලව්වේ පහළ මාලයේ වීදුරු දොරක් කඩා වලව්වට ඇතුළු වූ හොරු කිහිප දෙනෙක් වලව්වේ සැරි සරා ශීතකරණයක තිබූ වයින් බෝතල් තුනක් සොරකම් කරගෙන ගිය සිද්ධියක් පිළිබඳව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

මෙම හොරුන් වලව්වට ඇතුළු වී ඇත්තේ පෙරේදා (20) අලුයම බව පොලිසිය සැක කරයි.

දොරේ වීදුරුවක් කඩා වලව්වට අතුළු වූ සොරු කිසිම භාණ්ඩයක් සොරකම් කරගෙන ගොස් නැති බවත් වයින් බෝතල් තුනක් පමණක් රැගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් නිල සුනඛයන් යොදවා කළ පරීක්ෂණයක දී ඉහළ මාලයේ ජනේලයක් අසල ඇඟිලි සලකුණු කීපයක් හමු වූ බවත් සුනඛයන් ඒ ඉව පාර ඔස්සේ මෙහෙයවූ විට අසල තිබූ පාලු වත්තකට ගිය බවත් වාර්තා වේ.   නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණරත්න හා අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Exit mobile version