හොඳටම පරාදයි… දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 58ක පරාජයක්!

හෙන්රි නිකොල්ස්, ටොම් ලැතම් සහ මයිකල් බ්‍රැක්වෙල් ජයග්‍රහණයේ සතුට සමග...

ශ්‍රී  ලංකා ටෙස්ට් කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාදය.  වෙලිංග්ටන් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගය පරාජයට පත් වන්නේ ඉනිමකින් සහ ලකුණු 58කිනි.

තරගය දින 04කින් නිමා වූයේය. ඒ වර්ෂාවෙනුත් බාධා වීම් සහිතව  දිනයක උදේ වරුව තරගයට අහිමි වී තිබියදී ය.

ක්‍රයිස්චර්ච් හි පැවති තරගයේ දී පරජය වින්දනය කළ හැකි විය. එය එපමණම තියුණු තරගයක් වූයේය. එහෙත් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම මුලුමනින්ම වැරදී ගිය ආකාරය වෙලිංටන්හිදී දුටුවෙමු. ඉනිම පරාජයෙන් බේරීමට ලකුණු 416ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 358කට සියල්ලෝ දැවී ගියහ.

නියත පරාජයක් සම්බන්ධව අදහස ආවේ පළමු ඉනිමේදීමය.


මයිකල් බ්‍රැක්වෙල් සහ ටොම් ලැතම්

නවසීලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නනට වඩාගෙන පහර එල්ල කළහ. ඉනිමේ දිවිත්ව ශතක දෙකකි. නායක කේන් විලියම්සන් ලකුනු 215ක් ලැබුවේය. පන්දු 296කට මුහුණ දුන්නේය. විනාඩි 390ක් කඩුල්ලේ සිටියේය. හතරේ පහර 23ක් සහ හයේ පහර 2ක් එල්ල කළේය.

හෙන්රි නිකොල්ස් පන්දු 240ක දි නොදැවී ලකුණු 200ක් ලැබුවේය. මිනිත්තු 393ක් කඩුල්ලේ රැඳී සිටියේය. හතරේ පහර 15ක් සහ හයේ පහර 04ක් එල්ල කළේය. ඩෙවොන් කොන්වේ හතරේ පහර 13ක් සමග ලකුණු 78ක් රැස් කළේය.

ඛේදවාචකය වූයේ කේන් විලියමසන් හෝ හෙන්රි නිකොල්ස් පුද්ගලිකව තනි තනිව එක් කළ ලකුණු ප්‍රමාණයවත් ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමක් ලෙස රැස් කිරීමට නොහැකි වීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලෝ මුල් ඉනිමේ  ලකුණු 164කට දැවී ගියහ. ඉන් අඩකටත් වඩා එනම් ලකුණු 89ක් නායක දිමුත් කරුණාරත්නගේය. ලකුණු 37ක් දිනේෂ් චන්දිමාල්ගේය.  මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 19ක් ලැබීය. අනෙක් එකේකවත් ලකුණු 10 සීමාව පසු කළේ නැත.

මැට් හෙන්රි ලකුණු 44ට කඩුළු තුනක්, මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 50ට කඩුළු 03ක් ලැබුවේය.

දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා පිලට  ඇරයුම් ලැබිණි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 412ක ඉලක්කයක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් පිටියට පිවිසියේය.

බ්ලෙයර් තික්නර් කණ්ඩායමේ සාමාජිකයින් සමග සතුට සමරමින්…

මුළු තරගාවලියම අසමත් වූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු යළිත් ලකුණු 05කට දැවී ගියේය.

නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේදීත් හතරේ පහර 04ක් සමගින් ලකුණු 51ක් ලැබුවේය. කුසල් මෙන්ඩිස් ලකුණු 50කි. විශිෂ්ට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ශතකය අභියස දී ලකුණු 98කට දැවී ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක් ලැබුවේය. මංගල තරගය ක්‍රීඩා කරන කඩුළු රකින ක්‍රීඩක නිශාන් මධුෂ්ක ලකුණු 39ක් රැස් කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 358කට දැවී ගියේය.

ටම් සවුති ලකුණු 51කට කඩුළු 03ක්, බ්ලෙයිර් තික්නර් ලකුණු 84කට කඩුළු 03ක්, මිචෙල් බ්‍රෙක්වෙල් ලකුණු 100 කඩුළු 02ක් බිඳ හෙළුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස පරාදය.

Exit mobile version