හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

lanka hospital

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව ලංකා හොස්පිටල්ස් ඇකඩමිය ඔස්සේ සැපයීමට අදාළ සහයෝගිතා ගිවිසුමට දෙපාර්ශ්වය පසුගියදා එළඹිණි. ශ්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනයේ සුවිශේෂ සංධිස්ථානයක් ලෙස NSBM හරිත සරසවිය සහ ලංකා හොස්පිටල්ස් ඇකඩමිය පැමිණි මෙම සහයෝගිතා ගිවිසුම හැඳින්විය හැකිය. හෙද ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ හෙද හෙදියන් පිරිසක් සැබෑ සායනික පරිසරයක් තුළ නිර්මාණය කිරීම මෙම සහයෝගිතා ගිවිසුමේ අරමුණයි. නව තාක්ෂණයෙන් සපිරි වෛද්‍ය පහසුකම්වලින් සමන්විත ලංකා හොස්පිටල්ස් පුහුණු ඇකඩමියේදී ඉතා දක්ෂ වෘත්තීමය වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් යටතේ NSBM සරසවියේ හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය සහ සායනික පුහුණුව ලැබීමේ අවස්ථාව ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙපාර්ශවයටම ප්‍රතිඵලදායක වන මෙම සහයෝගිතාව මඟින් ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන් අතර සහජීවනය ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත. එසේම හෙද වෘත්තිකයන්ට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය වන කුසලතා සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණකි. ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ (වමේ සිට දකුණට) ලංකා හොස්පිටලස් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ විධායක චමලිකා සේනාරත්න, ලංකා හොස්පිටල්ස් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී තනුෂ්කා වඩුගේ, ලංකා හොස්පිටල්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි/වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර, ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරව්චි, NSBM හරිත සරසවියේ විද්‍යා පීඨයේ පීඨාධිපතිනි වෛද්‍ය නුවන්ති කටුවාවිල, NSBM හරිත සරසවියේ විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ලංකා හොස්පිටල්ස් සමූහයේ මූල්‍ය නිලධාරි බද්‍රජිත් සිරිවර්ධන, නීති සම්පාදන කළමනාකාරිනි අමා විමලසේන යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ සිටිති

Exit mobile version