හෘද සැත්කමින් දවසකට පසු ශානි අබේසේකර ජාතික රෝහලින් වැලිකඩ යවයි

කොළඹ ජාතික රෝහලේ දී හදිසි සැත්කමකට පෙරේදා ලක් කෙරුණු බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම සැත්කමින් දිනකට පසුව යළිත් ඊයේ සවස 7.30ට පමණ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුගේ හෘදයේ අවහිර වූ නාළයක් සඳහා ස්ටේන්ට් ඇතුළු කිරීමක් සිදුව ඇති අතර එය සිදු කොට මේ තරම් ඉක්මනින් ඔහු යළි වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකොට ඇත්තේ ඉහළ දේශපාලන අධිකාරියකින් කෙරුණු බලපෑමක් මත බව වාර්තා වෙයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී කොවිඩ් ආසාදනය ලක් වූ ශානි අබේසේකර මහතා පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කොට යවා ඇති අතර එහිදී හදිසියේ හෘදයාබාධයකට ලක් වුවද ඔහුට එහිදී ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහල වෙත ගෙන යාමට උත්සාහ කෙරුණද එය සිදුව නොමැති අතර එසේ වුවද වෛද්‍යවරුන්ගේ මැදිහත්වීම සහ විපක්ෂයේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ බලපෑම මත ඔහු යළි කොළඹ අයි.ඩී.එච් රෝහලට මාරු කිරීමට කටයුතු යෙදිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණයට කරුණු දක්වමින් අයි.ඩීඑච් රෝහලේ කායික රෝග විශෙෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර තිබුණේ ශානි අබේසේකර මහතා මහර බන්ධනාගාරයේ සිට පොලාන්නරුවට ගෙන යන අතරේදී හෘදයාබාධයකට ලක්ව ඇති බවය.

Exit mobile version