“හුස්මක් සිටවමු ” තුරුකැපකරු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ…

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන සමාධි සවිද්‍යා චන්ද්‍රසේකර ශිෂ්‍යාව ප්‍රදේශයෙන් වඳ වී යන දෙළුම් පැළ දෙසීයක් සිටුවීම , “හුස්මක් සිටවමු ” තුරුකැපකරු ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි.

ඇය පරිසර නියමු ජනාධිපති පදක්කම් අපේක්ෂිකාවකි.

වයඹ කාර්මික විදුහලේ අධ්‍යක්ෂ යූ.අයි. නියදඬුපොල මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල වයඹ කාර්මික විදුහල් පරිශ්‍රයේදී දෙලුම් පැළ 40ක් සිටුවීමෙන් ආරම්භ කරන ලදී.

කුරුණෑගල පොලිස්  මූලස්ථානයේ පරිසර ස්ථානාධිපති ලියනගේ මහතා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර සංවර්ධන නිලධාරි උදේන ගංගාධාර මහතා, කෘෂිකර්ම නිලධාරිනී ඇතුලු තවත් නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශය ග්‍රාම නිලධාරීවරුන් මෙම අවස්ථාවට සහභාගී වී ඇයට දිරි දුන්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපෘතියට සමගාමීව වයඹ පළාතේ සකුරා පෙර පාසල් ගුරු පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළ 100ක්., ගැට්ටුවාන ප්‍රජා ශාලා පරිශ්‍රයේ පැළ 50 ක්,සහ කුරුණෑගල මහ නගර සභා කසල කළමනාකරණ අවට භූමියේ පැළ 50ක් සිටුවීමට සමාධි සවිද්‍යා ශිෂ්‍යයාව බලාපොරොත්තුවෙන් පසුවන බව අප සමග පැවසුවාය.


Exit mobile version