හිරුණිකාට එරෙහි නඩුව – නඩු විභාගයට දින නියම කිරීමට 28 වැනිදා නඩුව යළි කැඳවයි!

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කර තිබූ නඩුව විභාගය සඳහා දින නියම කිරීමට පෙබරවාරි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නඩු විභාගය ආරම්භ කරන දිනය නියම කිරීමට ලබන 28 වැනිදා නඩුව කැඳවන ලෙසත් එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම චෝදනාව එල්ල වී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත්දෙනෙකු මුලින්ම අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔවුන්ට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.


 

Exit mobile version