හින්දු පුවත්පත කරන තිගස්වන හෙළිදරව්ව… මරණ මංචකයට වැටුණු රටට එල්ටීටීඊ් ප්‍රහාරයක්?…

රට දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති අවස්ථාවෙහි  ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා තහනම් කරන ලද එල්ටීටීඊ සංවිධානයේ විසිරී සිටින කාඩරයින්   යළිත් එක්වී සිටින බවට බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ද හින්දු ඊයේ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්විමන්  පළ කළ මෙම  වාර්තාවේ  සඳහන් වන්නේ   උග්‍රවන ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ  ජාත්‍යාන්තර සම්බන්ධතා සහිත      ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සමහර කොටස් සිය පිරිස් යොදවා විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට  උත්සාහ කරමින් සිටින බවය.

එමෙන්ම  හිටපු ඇතැම් එල්ටීටීඊ  කණ්ඩායම්  මැයි 18 වැනිදා   දෙමළ ජන සංහාර සැමරුම් දිනය ලෙස ප්‍රකාශ කිරීමටත් ප්‍රහාර සැලසුම් කිරීමටත්  වර්ෂ 2009 අවසන් මහා යුද්ධයේ දී     ඔවුන්ගේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙන්ම  ප්‍රවෘත්ති නිවේදිකා ඉසෙයි ප්‍රියා ඇතුළු පිරිස ඝාතනයේ පළිගැනීමටත්    කුමන්ත්‍රණය කරමින් ඇතැයි ද ද හින්දු  වාර්තාවේ දැක්වේ.

බුද්ධි තොරතුරු උපුටා දක්වමින් එම වාර්තාව දක්වා ඇත්තේ   ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ  සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි  එල්ටීටීඊ කණ්ඩායමක්   තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවය.


මේ වනවිට ඉන්දියාවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින්  ගෙන්වූ  රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් තමිල්නාඩු ප්‍රාන්තයේ කිලෝමීටර් 1,000කට වැඩි වෙරළ තීරයේ ආරක්ෂක සේවයේ යොදවා ඇතැයි ද හින්දු කියයි. තමිල්නාඩු පොලිසියේ වෙරළාරක්‍ෂක කණ්ඩායම   මුහුදු තීරයේ මුර සංචාරයේ වාර ගණන වැඩි කර ඇති බව ද එහි දැක්වේ.

එම වාර්තාව අනුව ඉන්දීය ආරක්ෂක අංශ වේ වනවිට  මුහුදට යන ධීවරයින්ව අවදානම් සාධක පිළිබඳව දැනුවත් කර ඇත.  ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර සමුද්‍ර මායිම් රේඛාවේ කිසියම් සැක කටයුතු ක්‍රියාකාරකමක් හෝ පුද්ගලයින් සිටීදැයි සොයා බලන ලෙස ද ඔවුන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවට ඇතුළුවීම වැළැක්වීමට ද වෙරළබඩ ආරක්ෂක අංශවලට දැනුම් දී ඇති ඇතැයි ද   තමිල්නාඩු ගොඩබිමේ සිට   මුහුදට  ප්‍රවේශවන සියලුම මාර්ගවල වාහන පරීක්ෂා කිරීම සඳහා මුරපොලවල් තර කරන ලෙස සියලුම වෙරළබඩ දිස්ත්‍රික්කවල පොලිස් අධිකාරීවරුන්ට දන්වා ඇතැයි ද ආරක්ෂක අංශ උපුටා දක්වමින් ද හින්දු  කියයි.

ඊයේ පලවුනු එම ප්‍රවෘත්තියේ දිගුව පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://www.thehindu.com/news/national/tamil-nadu/intelligence-agencies-alert-on-regrouping-of-ex-ltte-cadres/article65411684.ece

Exit mobile version