හිතුමතේ මිල වැඩි කිරීමෙන් තහංචි වැටුණු ඖෂධ ලයිස්තුව මෙන්න..

කොරෝනා වසංගතය මැද හිතුමතේ නීති විරෝධී ආකාරයෙන් මිල වැඩි කොට අලෙවි කිරීමේ හේතුව මත මෙරට සුලබ වශයෙන් භාවිත වන ඖෂධ වර්ග 10කට අදාළ ලියාපදිංචිය සහ ආනයන අවසරය අවලංගු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙක ඇත.

ඖෂධ සමාගම් පහක් මෙම ඖෂධ වර්ග ගේවන අතර එම සමාගම් ඒකපාර්ශ්වීය ලෙස හිතුමතේ මිල වැඩි කිරීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත උල්ලංඝනය කිරීම නිසා ඊයේ (17) සිට මෙම තහනම ක්‍රියාත්මක කොට ඇත.

ඒ අනුව හේමාස් ෆාමසියුටිකල් සමාගම් විසින් ගෙන්වා අලෙවි කරන Zeos 10 mg ( ඖෂධීය නාමය ලොරැටඩීන්) , Herbesser 100mg (ඖෂධීය නාමය Diltiazem), Xon ce ( Vitamin C) යන ඖෂධ වර්ග ත්‍රිත්වය , ඒ බවර් සමාගම විසින් ගෙන්වනු ලබන Rivotril 05mg , 2mg (ඖෂධීය නාමය Clonozepam) Calcivita (Vitamin & Calcium) යන ඖෂධ වර්ග දෙක, යූරෝ ඒසියන් ෆාමා සමාගම විසන් ගෙන්වනු ලබන Levitoz 5mg (ඖෂධීය නාමය Levetiracetam) , Dozil 5mg & 10mg) (Donepezil) යන ඖෂධ වර්ග දෙක ද ඇකුළත් වන අතර රොබට් හෝල් සහ සමාගම විසින් ගෙන්වනු ලබන බෙටඩීන් ක්‍රීම් ( Povidone Iodine) සහ පෙටා ෆාමසි සමාගම විසසන්ගෙන්වනු ලබන Daktacort Cream (ඖෂධීය නාමය Micanazol & Hydrcortisone) , Vermox (ඖෂධීය නාමය Mebandazole) ඖෂධ වර්ග 10 මෙසේ අලෙවිය සහ මෙරට ලියාපදිංචි ය තහනම් කොට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් ම කොවිඩ් වසංගතය තුළ ජනතාව අපහසුතාවට ලක්ව ඇති පසුබිමක් තුළ මෙම සමාගම් විසින් හිතුමතේ මෙම මිල වැඩි කිරීමන් රෝගී ජනතාව අපහසුතාවට පත්ව අති බව පවසන ජාතික ඖෂධ නියාමන අධිකාරිය අදාළ සමාගම් සම්බන්ධයෙන් පනතට අනුව නීත්‍යනුකූල පියවර ගන්නා බවද සඳහන් කරයි.

Exit mobile version