හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට නාඳුනන පිරිසක් පහරදීලා…

පුනරුත්ථාපනය වූ පසු දෙමළ නිජ බිම නැමැති සංවිධානයක් පිහිටුවාගෙන සමාජ සේවා කරලා...

දිනසේන රතුගමගේ –

වවුනියාව කරප්පන්කාඩු ප්‍රදේශයේදී  හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුට නාදුණන පිරිසක් විසින් පහර දීම නිසා ඔහුව 11 දා  රාත්‍රී ගිලන් රථයක ආධාරයෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ  පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔහු දෙමළ නිජබිම  ( Tamil  Laannds people’s  Oraganization ) නමින් සංවිධානයක් පිහිටුවා ඒ ඔස්සේ ජනතාවට උපකාර කරමින් සිට ඇති අතර පහරදීම සිදුව ඇත්තේද එම කාර්යාලය තුළය.

ඔහු සිය කාර්යාලයේ නැවතී සිටියදී යතුරු පැදි වලින් පැමිණි පිරිසක් ඔහුට පහර දී පලා ගොස් ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ ඔහුව ඒ අවට ජනතාව විසින් රෝහල්ගත කොට තිබේ.


හිටපු කොටි සාමාජිකයාට පහර දුන් පිරිස කවුරුන්දැයි මෙතෙක් හඳුණාගෙන නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලීසිය මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version