හිටපු අමාත්‍ය තොණ්ඩමන්ගේ අවසන් කටයුතු නෝවුඩ් හි දී

ආරුමුගම් තොණ්ඩමන්

ලංකා කම්කරු කොංග්‍රස් නායක ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 31 දා නෝර්වුඩ් ක්‍රීඩාංගනයේ දී සිදුවීමට නියමිතය.

බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබූ අමාත්‍ය තොණ්ඩමාන් ගේ දේහය බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද (27) පෙරවරුවේ රැගෙන ගිය අතර හෙට (28) පාර්ලිමේන්තුවට හා කොල්ලුපිටියේ ඇති කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලයට මහජන ගෞරවය සඳහා රැගෙන යනු ඇත.

වර්ෂ 1964 මැයි මස 29 දින උපත ලද සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොණ්ඩමන්  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. තම සීයා වූ සෞම්‍ය මූර්ති තොණ්ඩමන්ගේ අභාවයෙන් පසුව1999 දී ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා බවට පත් විය.


මෙරට ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයෙක් වූ තොණ්ඩමන් වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, ඒ අයිතීන් ආරක්ෂා කර දීම වෙනුවෙන් මිය යන තෙක්ම කටයුතු කළ නායකයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ආරුමුගම් තොණ්ඩමන් පුරා වසර 26 ක් ආණ්ඩු කිහිපයක තනතුරු හොබවමින් වතු කම්කරු ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය.

Exit mobile version