හිජාස් හිස්බුල්ලාට ඇප!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඒ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළේය.

එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.


පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඇප ලබාදෙන ලෙසට නියෝගය කරනු ලැබීය.

Exit mobile version