හැරී මේගන් යුවලට ඔවුන්ගේ රාජකීය නිවසින් ඉවත්වන්නැයි බකිංහැම් මාලිගාවෙන් නියෝගයක්!

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරියට  ඔවුන්ගේ බ්‍රිතාන්‍යයේ ඔවුන්ගේ රාජකීය නිවස වූ  ෆ්‍රොග්මෝර් කොටේජ් වෙතින් ඉවත් වන ලෙස බකිංහැම් මාලිගාව විසින් දන්වා ඇති බව ඔවුන්ගේ නිල ප්‍රකාශකයා තහවුරු කර තිබේ.

ෆ්‍රොග්මෝර් කොටේජ්

හැරී ඔහුගේ පුපුරන සුලු මතකයන් ලියා එළි දැක්වූ  ස්පෙයාර් ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු ජනවාරි මාසයේදී බකිංහැම් මාලිගය ඔවුන්ට දේපළ හැර යන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

බර්ක්ෂයර් හි වින්ඩ්සර් කාසල් පරිශ්‍රයේ පිහිටි නිදන කාමර 10 කින් යුත්   ෆ්‍රොග්මෝර් කොටේජ් දිවංගත රැජින විසින් රාජකීය යුවළට දුන් තෑග්ගක් විය. එය II ශ්‍රේණියේ දේපලක් ලෙස ලයිස්තුගත කර තිබිණි.

එහෙත්  බකිංහැම් මාලිගය මෙම නිවේදනය සම්බන්ධව  අදහස් දක්වා නැති බව බීබීසී වාර්තා කරයි.


හැරී සහ මේගන් යුවල  දැන් ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන ආර්චි  සහ ලිලිබෙට්  සමඟ මේ වනවිට කැලිෆෝනියාවේ ජීවත් වෙති.

ඔවුහු  2020 දී රාජකීය පවුලෙන් ඉවත් වූ අතර ටික කලකට පසු එක්සත් රාජධානිය හැර ගියහ.

ජනවාරි මාසයේදී හැරී කුමරු  විසින් නිකුත් කරන ලද  ස්පෙයාර් කෘතිය වර්ෂ 1998   සිට එක්සත් රාජධානියේ වේගයෙන්ම අලෙවි වන ප්‍රබන්ධ නොවන පොත බවට පත් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැරී කුමරුට ඔහුගේ සහෝදරයා වන වේල්ස් කුමරු විසින් ශාරීරිකව පහර දුන් ආකාරය එහි  ඇතුළත් විය. ඔහු සහ ඔහුගේ සොහොයුරා වන වේල්ස් කුමරු තම පියාට දැන් අගබිසව වන කැමිලාව විවාහ කර නොගන්නා ලෙස ඉල්ලා ආයාචනා කළ බවත් ලියා තිබිණි.

 

 

 

Exit mobile version