හාල් වැඩේ ෆුල්ම ෆේල් – සහල් මිල පාලනය ඩඩ්ලි අතට

rice

සහල්‌ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඇතුළත්‌ ගැසට්‌ පත්‍රය රජය අහෝසි කර ඇති පසුබිමක සහල්‌ සඳහා නව උපරිම සිල්ලර මිල ගණන්‌ ප්‍රකාශයට පත්‌කිරීමට මහා පරිමාණ මෝල්‌ හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වමින්‌ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු, අරලිය සහල්‌ හිමිකරු ඩඩ්ලි
සිරිසේන මහතා සහල්‌ සඳහා වන නව උපරිම සිල්ලර මිල ගණන්‌ ප්‍රකාශයට පත්‌ කර ඇත.

ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේ,
තත්ත්වයෙන්‌ උසස්‌ ම සහල්‌ සඳහා මෙම මිල ගණන්‌ නියම කර ඇති බවය.


එම මිල ගණන්‌ පහත දැක්වේ.

නාඩු සහල්‌ කිලෝග්‍රෑම්‌ 1 – රු. 115.00
සම්බා සහල්‌ කිලෝග්‍රෑම්‌ 1 – රු. 140.00
කීරි සම්බා කිලෝග්‍රෑම්‌ 1 – රු. 165.00

මේ අතර, වී සඳහා ද උපරිම සිල්ලර මිලක්‌ නියම කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාඩු වී කිලෝග්‍රෑම්‌ 1 – රු. 62.50
සම්බා වී කිලෝග්‍රෑම්‌ 1 – රු. 70.00
කීරි සම්බා කිලෝග්‍රෑම්‌ 1 – රු. 80.00

Exit mobile version