ඊයේ ගහපු හාල් ගැසට් එකෙත් හිල් ගොඩක්! පාලන මිල දැන් මිලටත් වඩා වැඩියි

raw rice price

සුදු සහ රතු නාඩු සහල් කිලෝ එකක් රුපියල් දෙසීයකට වෙළෙදපොලේ අලෙවි කරද්දී එම සහල් කිලෝ එකක් රුපියල් දෙසිය විස්සකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අලෙවි කිරීම ඊයේ දිනයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි.

මෙරට රජයේ සහල් සඳහා නිකුත් කරන ලද 11 වන ගැසට් පත්‍රය වන බවත් එම ගැසට් පත්‍රය මගින් සහල් සදහා නියම කර ඇත්තේ වෙ‍ළෙදපළේ පවතින මිලට වඩා වැඩි මිල ගණනක් බවත් ඔහු පවසයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙස්ද සඳහන් වේ.
“තවද එම ගැසට් පත්‍රය මගින් පාලන මිලක් නියම කරන්නේ දේශීය සහල් සදහා පමණක් වන අතර මේ වන විට වෙළෙදපොළ තුළ ආනයනික සහල් විශාල වශයෙන් අලෙවි වේ. දේශීය සහල් සහ ආනයනික සහල් හදුනා ගැනීම ඉතාම දුෂ්කර වන අතර එම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම සදහා පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන්ට දෙයියන්ගේ පිහිට පැතීමට සිදුවන බව අපගේ විශ්වාසයි.තවද පාරිභෝගිකයින් වැඩි වශයෙන් මිලදී ගනු ලබන කැකුලු සහල් සදහා පාලන මිලක් පනවා නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහල් මොල් හිමියන් සැනසීම සදහා ගැසට්පත්‍ර නිකුත් කිරීම නවතා දමා මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා ගැසට්පත්‍ර නිකුත් කරන ලෙස හා වෙළදපොලේ සහල් අලෙවි වන්නේ කුමන මිලකටද යන්න ගැසට්පත්‍ර නිකුත් කිරීමට පෙර සොයා බලන ලෙස අප පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයාගෙන් අප ඉල්ලා සිටිමු.

Exit mobile version