හල්දුම්මුල්ලේදී ඉන්ධන බවුසරයක් හෙළකට පෙරළෙයි

හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන බවුසර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කරමින් තිබූ එම බවුසර් රථය අද (06) අලුයම 1.45ට පමණ අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.නිවසකටද හානි සිදුවී ඇති අතර අනතුරින්

එහිදී බවුසර් රථයේ රියදුරු සහ රිය සහයක සුළු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

අනතුරත් සමඟ බවුසරයෙන් නිකුත් වූ ඉන්ධන රැගෙන යාමට ප්‍රදේශවාසීන් එක් රැස්ව සිටි බවද වර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බවුසර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

Exit mobile version