හර්තාලයට සහභාගී වනවා දැයි තවම තීරණයක් නෑ… ලංකා  පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමය!

රටපුරා ලබන 6 වෙනාදා  පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට ලංකා  පෞද්ගලික බස් හිමියන්ගේ  සංගමය සහභාගි  වන්නේද නැද්ද යන්න පිලිබදව තවමත් තීරණයක් ගෙන නොමැති නමුත්  එදිනට පෞද්ගලික බස්රථ කිසියම් සංඛ්‍යාවක් පමණක්  ධාවනයෙන් ඉවත් කර පාලිමේන්තුව අවට   නතර කර සිය සංගමයේ විරෝධය පළ කරන බව  ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි.

පෞද්ගලික බස්රථ මුළුමනින්ම  ධාවනයෙන් ඉවත් කර හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වුවහොත් එයින් පීඩාවට පත්වනුයේ අසරණ ජනතාව බවත් මෙයින් කිසිදු දේශපාන නායකයෙකුට බලපෑමක්ඇති නොවන බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

 සංගමය  ලියාපදිංචි වී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ  වෘත්තීය සමිතියක් ලෙස නොව,  සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ බැවින් රජයේ වෘත්තීය සමිතියක් ලෙස තමන්ට ක්‍රියාකළ නොහැකි යැයි ද ගැමුණු විජේරත්න පෙන්වා දෙයි.


පෞද්ගලික බස්රථ 18000ක් ධාවනය වුවත් දැන් ධාවනය වන්නේ බස්රථ 13000ක් පමණක් බවත් මේ වන විට පෞද්ගලික බස්රථ කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටීමකට ලක් ඇති බවත් ඔහු කියයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌ 

 

Exit mobile version