හමුදා පාලනයකට යෑමේ වෑයමක් දැයි සැකයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි

Association of Medical Specialists

හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යොදා රට සාමකාමීත්වය කරා ගෙන යෑමට උත්සාහ කරන අතරේ සිදුවන ප්‍රචණ්ඩත්වය රට යුධ හමුදා පාලනයක් කරා ගෙන යෑම සඳහා කරන මූලික පියවරක් දැයි සැකයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පවතින තත්ත්වය අනුව රට සංසුන් කිරීම සඳහා කළ යුත්තේ තමන් තනතුරෙන් ඉවත් වීමට සූදානම් යැයි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම ද ඔවුන් සඳහන් කරයි.

මේ මොහොතේදී රටේ සිටින සියලුම පුරවැසියන්ගෙන් දැඩි සංයමයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම වග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයට ආධාරකරුවන්ට ආරාධනා කිරීමෙන් පසු ඔවුන් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රට පුරාම ප්‍රචණ්ඩත්වය පැතිරී ගිය බව ඔවුන් පෙන්වා දෙයි.


“සාමකාමී අරගලයේ යෙදී සිටි පුද්ගලයින්ට නිරපරාදේ පහර දීම වැළැක්වීමට හදිසි නීති තත්ත්ව යටතේ පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙහි වගකීම ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා සහ පොලිස්පතිතුමා සෘජුවම බාර ගත යුතු බව අපේ හැඟිමයි. මෙම ප්‍රහාරයින්ට සම්බන්ධ වූ අපරාධකරුවන් මෙන්ම ඔවුන් එයට පෙළඹවූ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි අපි පොලිස්පතිතුමාට අවධාරණය කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


” කෙසේ වුවත් රටේ යහපත ඇති කිරීම යන පරමාර්ථයෙන් පිට නොපැන කටයුතු කිරීම ඉතා වැදගත් බවක් මෙම සාමකාමී අරගලය ප්‍රචණ්ඩ අරගලයක් ලෙසට ප්‍රචණ්ඩකාරීන් විසින්ම නම් කිරීම වැළැක්වීමට නම් සමාකාමී අරගලයෙන් බැහැර නොවිය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version