හමුදා ඇඳුම් ඇඳගත්තු චීන්නු තිස්සවැවේ පතුල හීරුවේ පුරාවිද්‍යාවත් නොදැන… ව්‍යාපෘතිය තාවකාලිකව අත් හිටුවයි..

THISSA

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හමුදා ඇඳුමට සමාන ඇඳුමක් සහිතව චීන ජාතිකයන් පිරිසක් යොදවා තිස්සමහාරාම වැව ආශ්‍රිතව දියත් කර ඇති ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ පුරාවිද්‍යා ආඥා පනතට පටහැනිව බැවින් එය දැනගත් වහාම එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටවීමට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

වර්ෂ 1998 අංක 24 දරන පුරාවස්තු සංරක්ෂණ පනතේ 43 (අ) වගන්තියට අනුව සහ 2000 /10/04 අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා හානි ඇගයුම් වාර්තාවක් සිදුකළ යුතුව තිබිය දී මෙම කැණීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිම දැනුවත් භාවයකින් තොරව ආරම්භ කර පවත්වාගෙන ගොස් තිබේ.

කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ දැනුවත් වී ඇත්තේ එය ආරම්භ වූ පසුය. අනතුරුව අදාල අංශ දැනුවත් කර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දුන් නිර්දේශ අනුව එම ව්‍යාපෘතිය නවත්වා ඇති බවත් ලබන සඳුදා පුරාවිද්‍යා හානි ඇගයුම් ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කළේය.

Exit mobile version