හම්බන්තොට පිස්තෝල නගරාධිපතිගේ මහා වංචාවක් හෙළිවෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉඩම්, දේශපාලන බලය පෙන්වා බලහත්කාරයෙන් පවරාගෙන ව්‍යාජ ඔප්පු සාදා විකිනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුට එරෙහිව විමර්ශනයක් පවත්වා දින හතක් තුල වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත නියෝග කර තිබේ.

එලෙස ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා සීසීටීවී දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වන අතර වීඩියෝවෙන් අනාවරණය වන කරුණු කිහිපයක් පිළිබඳ නීතිපතිවරයා මෙහිදී විමර්ශනයට යොමු කර ඇත.

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නැමැත්තාට මෙලෙස ඉඩම් බලහත්කාරයෙන් පැහැර ගැනීම සඳහා ව්‍යාජ ඔප්පු සකස් කරදෙනු ලබන්නේ පාදුක්ක මලගල පදිංචි ඩෙකස්ටර් අජිත් බාලසූරිය නමැත්තෙක් බවත්, මෙවැනි ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුළු වීම සඳහා නගරාධිපතිවරයා විසින්ම පිහිටුවන ලද පෞද්ගලික ආරක්ෂක සේවයේ සේවකයන් යොදා ගන්නා බවත්, නුගේගොඩ පිහිටි මෙවැනි ඉඩමකට ඉබියතුරු කඩා දමා බලෙන් ඇතුළු වී අත්පත් කරගන්නා ආකාරයත් පිළිබඳ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වීඩියෝවේ සඳහන් වන පරිදි හිටපු නගරාධිපතිවරයා මෙලෙස ඉඩම් බලහත්කාරයෙන් පැහැර ගැනීමේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ නම විකුණා මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බවටද එම වීඩියෝව මගින් චෝදනා කර තිබුණි.

Exit mobile version