හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා විසින් මුදවා ගත් ඔහු බරපතල තත්ත්වයෙන් හම්බන්තොට රෝහලේ..  

suicide

සූරියවැව නුවන් ජයසේකර-

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල් පී.ආර්.දිපින්ගේ පියා    ඊයේ (10) දහවල් ගෙළ වැළලාගෙන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේදි  ඉන් මුදවාගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙලෙස සිය දිවි නසා ගැනිමට උත්සාහ කර ඇත්තේ හම්බන්තොට ඉන්දියානු කොන්සෙල් ජනරාල් පි.ආර්. දිපින්  ගේ පියා වන 64 හැවිරිදි රත්න කුමාර් නැමති අයෙකි.

ඊයේ 10 දින දහවල් 12.30ට පමණ හම්බන්තොට බැද්දෙවෙල පිහිටි ඉන්දියානු  කොන්සල්  කාර්යාලයේදී මෙම සිදුවිම සිදුව ඇති අතර නිවසේ ඇතුළතින් කිසියම් අයෙකු කෑ ගසනු ඇසී එහි ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියා ඇතුළු පිරිස ගොස් පරීක්ෂා කිරීමේදී කොන්සල් ජනරාල් වරයාගේ පියා ගෙල වැළලාගෙන සිය දිවි නසා ගැනිමට උත්සාහ කර තිබෙනු දැක තිබේ.

පසුව වහා ක්‍රියාත්මක වු පොලිස් නිළධාරියා ඇතුළු පිරිස ගෙළ වැළලාගෙන සිටි 64 හැවිරිදි රත්න කුමාර්  ලණුවෙන් ගලවා ප්‍තිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහලට ඇතුළත් කර ඇති ඔහු මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍තිකාර ලබන අතර තත්වය තරමක් බරපතළ බව  රෝහල් ප්‍රකාශකයා පැවසුවේ.

Exit mobile version