හඳුන් දිවියන් තිදෙනෙක් කොට්ටුකච්චියෙන්

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

පුත්තලම, කොට්ටුකච්චිය, කිවුල දංගහවල රක්ෂිතයකින් හදුන් දිවියන් පැටවුන් තිදෙනෙකු හමුවීමෙන් අනතුරුව ගම්වාසීන් විසින් වන ජීවි පාලන ඒකකය වෙත භාර දීමට (10) වන දින කටයුතු කර තිබුණි.

අදාල හදුන් දිවි පැටවුන් තිදෙනා සිය මවගෙන් වෙන්ව තනිවී රක්ෂීතයේ සිට ගම්මානය දෙසට පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ව අල්ලා ගැනීමෙන් පසුව මෙලෙස පුත්තලම වන ජීවි පාලන ඒකකය වෙත භාර දීමට කටයුතු කර තිබුණි.


පසු ගිය කොරෝනා සමයේදී ඉන්දියාවේ නගර කිහිපයක් වෙත පැමිණි සිට ඇත්තේද මෙම වර්ගයට සමානකමක් දක්වන හදුන් දිවියන් බවයි වන ජීවි පාලන ඒකකයේ නිළධාරින් පෙන්වා දෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදාල හදුන් දිවියන් පැටවුන් තිදෙනා නිරුපද්‍රිතව වන ජීවි පාලන ඒකකයේ නිලධාරින්ට භාර දීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර කටයුතු සදහා නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය වෙත භාර දීමට පුත්තලම වන ජීවි පාලන ඒකකයේ නිළධාරින් කටයුතු කර තිබුණි.

Exit mobile version