හන්තාන වැනසීම ගැන නඩුව හෙට

හන්තාන කඳුවැටියේ අඩි තුන්දහසකට ඉහල අක්කර අටක භූමි ප්‍රමාණයක් ගස්කපා සුද්ධ කර මුඩු ඉඩමක් බවට පත්කිරිමට එරෙහිව හන්තාන සුරැකිමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධි පැමිණිලි අංශයට යොමු කර ඇති පැමිණිල්ලට අදාල බී8691/20 අංක දරණ නඩුව හෙට (16) මහනුවර මහේස්ත්‍රාත් 11 අධිකරණයේදි කැඳවීමට නියමිතය.

එම පැමිණිල්ල මත බී වාර්තාවක් ගොණු කල පොලිසිය රාජ්‍ය ආයතන හතක් කැදවා ප්‍රශ්න කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

එහිදි ලද නියෝග මත ගඟවට ප්‍රාදේශිය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , අඩෙවි වන නිළධාරි කාර්යයාලය , පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව , යන අය කැඳවීමට පොලිසිය කටයුතු කර ඇත.


මෙම වන විනාශයට සම්බන්ධ බවට සැක කළ රූපා ගුණතිලක නැමැති අය මහනුවර පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දී තිබෙ.

මෙම ඉඩම පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ලගේ බව කියන අක්කර අටක ඉඩමට මායිම්වය. ලක්ෂ්මන් කිරිඇල්ල පවසන පරිදි ඔහු එම ඉඩම වසර එක්දහස් නවසිය අනූවේදි අන්දිරිස් ජයසිංහ නැමැත්තකු ගෙන් අත්පිට මුදලට සින්නක්කරව ගෙන තිබේ.

නමුත්, වසර 2017 සහ 2018 කාලවලදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලක්ෂ්මන් කිරිඇල්ලට අයත් බව කියන ඉඩම සුද්ධ පවිත්‍ර කර ඇති අතර එම අවස්ථාවන්හිදි හන්තාන සුරැකිමේ සංවිධානය ප්‍රශ්න කළ විට ඉඩම රූපා ගුණතිලක නැමැත්තියකට අයත් බව එවකට මධ්‍යම පරිසර අධිකාරිය පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව එම ඉඩමේ අයිතිය කවරකු සතුද යන්න උභතෝකෝටිකයක්ව ඇති අතර, නිශ්චිත හිමි කරුවකු නොමැති මෙම ඉඩම මේ වන විට සුද්ධ කර නැවත වගා කරන්නට සැරසෙන නිශ්චිත හිමිකරු සොයා යාම සංවිධානයේ අරමුණ බව එම සංවිධානයේ මහලේකම් අමිත් සේනානායක පැවසුවේය.

Exit mobile version